රේඛා.lk
ජීවිතය පෙන්වන කැඩපත
rekha.lk
නිතර අසන ප්‍රශ්න
Frequently Asked Questions - FAQs
අප මෙතක් ගනු දෙනු කර ඇති සේවාදායකයින් නිතර අසන ප්‍රශ්න අනුසාරයෙන් මෙහි සඳහන් නිතර අසන ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු දක්වා ඇත. මෙම ප්‍රශ්න වලට පරිබාහිර ගැටළු තිබේනම් අප වෙත යොමු කිරීමට ඔබට අවස්ථාව ඇත.
- හස්ත රේඛා ශාස්ත්‍රය යනු කුමක්ද?
හස්ත රේඛා ශාස්ත්‍රය යනු යමෙකුගේ අත්ලේ පිහිටි රේඛා, සලකුණු, ඇඟිලිවල ස්වභාවය සහ හැඩය ආදිය විශ්ලේෂණය කිරීමෙන් එම පුද්ගලයාගේ චරිත ලක්ෂණ, හැඟීම්, මනෝභාවය, හැකියාවන් සහ අනාගත ප්‍රවණතා පිළිබඳව මත සහ අනාවැකි පල කිරීමේ ශාස්ත්‍රයකි.
- හස්ත රේඛා ශාස්ත්‍රය කුමන කාලයක සිට පැවත එන්නක්ද?
ආරම්භක කාල වකවානුවක් හෝ ස්ථානයක් පිළිබඳ නිශ්චිතව සඳහන් කළ නොහැකි මුත් ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ ලෝකය පුරාම පුද්ගලයින්ගේ අතීතය, වර්තමානය හා අනාගතය පිළිබඳ දැන ගත හැකි වඩාත් ප්‍රයෝගික ක්‍රමවේදයක් ලෙස හස්ත රේඛා ශාස්ත්‍රය භාවිත වේ.
- හස්ත රේඛා ශාස්ත්‍රය කෙතරම් දුරට විශ්වාස කළ හැකි ශාස්ත්‍රයක්ද ?
මෙය සම්පුර්ණයෙන්ම විශ්වාස කළ හැකි ශාස්ත්‍රයකි. බටහිර වෛද්‍යවරයෙකු දිව, සහ ඇස් බලා රෝග පිළිබඳ අදහස් පල කරන්නේ යම් සේද, දේශීය වෛද්‍යවරයෙකු නාඩි අල්ලා බලා රෝග නිර්ණය කරන්නේ යම් සේද,එපරිද්දෙන් කෙනෙකුගේ අත්ල අධ්‍යයනයෙන් ඔහු/ඇය සම්බන්ධ බොහෝ දේ පැවසිය හැකිය. මෙහි පවතින විද්‍යාත්මක නිරීක්ෂණයන් පදනම්ව මෙම ශාස්ත්‍රය හස්ත රේඛා විද්‍යාව ලෙසද හඳුන්වනු ලැබේ.
- යම් පුද්ගලයෙකු සම්බන්ධ හස්ත රේඛා වාර්තාවක සඳහන් කරුණු සදාකාලිකද?
ජිවන අත්දැකීම්, මානසික තත්වය සහ කාලය ආදී සාධක අනුව යමෙකුගේ අත්ලේ පවතින රේඛා සහ සංකේත වෙනස් විය හැකිය. එනිසා ඔබේ ජීවිතය යහපත් අතට වෙනස් කර ගැනීමට හස්ත රේඛා පරීක්ෂාවෙන් ලැබෙන තොරතුරු උපයෝගී කර ගත හැකිය.
- Rekha.lk සපයන වාර්තා විශ්වාස කළ හැක්කේ කෙසේද?
Rekha.lk යනු ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද සහිත හස්ත රේඛා විශේෂඥයන්ගේ දැනුම හා අත්දැකීම් කැටි වූ සේවාවකි. පුරාතන හා සම්ප්‍රදායික දැනුම් පද්ධතියත්, නූතන විද්‍යාත්මක නිරීක්ෂණත් එක් කොට ඉතා ඉහළ නිරවද්‍යතාවක් සහිත විශ්ලේෂණ වාර්තා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ සේවාලාභීන්ට හිමි වන බැවින් Rekha.lk යනු 100% විශ්වසනීය සේවාවකි.
- හස්ත රේඛා පරීක්ෂාවක් සඳහා කොපමණ මුදලක් අය කෙරේද? එම මුදල් ගෙවන්නේ කෙසේද?
අප එක් හස්ත රේඛා පරීක්ෂාවක් සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1000 ක් අය කරනු ලබයි. වෙනත් සැඟවුණු ගාස්තු කිසිවක් නැත. ඔබ WhatsApp මගින් අප හා සම්බන්ධ වූ පසු මුදල් ගෙවිය යුතු ආකාරය ඔබ වෙත එවනු ලැබේ.
- Rekha.lk හි වෙනත් නියෝජිත ආයතන හෝ පුද්ගලයින් සිටීද?
නැත. වෙනත් කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට Rekha.lk හි බලතල, තනතුරු හෝ අයිතිවාසිකම් පවරා නැත. එනිසා අපගේ නිල වෙබ් අඩවිය වන www.rekha.lk සහ නිල සමාජ මාධ්‍යයන් සමඟ පමණක් ගනු දෙනු කිරීමට කටයුතු කරන්න. අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් එහි පහළ තීරයේ ඇති සබැඳි (links) මගින් සමාජ මාධ්‍ය ගිණුම් වෙත පිවිසිය හැකිය. එසේම අපගේ WhatsApp අංකය වන 0706850800 අංකයට පමණක් ඔබේ ඡායාරූප හා ප්‍රතිචාර යොමු කරන්න.
- Rekha.lk වෙත ලබා දෙන තොරතුරු වල රහස්‍යභාවය සුරැකේද?
අප කිසිවිටෙකත් ඔබේ තොරතුරු හෝ වාර්තා තෙවන පාර්ශවයකට ලබා නොදීමට කටයුතු කරන අතර, අපගේ සේවාවන් ලබා ගැනීමේදී අප ඔබ හා බැඳී සිටින අපගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය (Privacy Policy) කඩ නොකරමු.
